

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු
ලංකාවේ වැඩි ම දූදරුවන් පිරිසක් සහභාගී වන ආදරණීය ම ශිෂ්‍යත්ව පන්තිය
හීන දකින්න, ක්රියාත්මක වෙන්න. හීනය සැබෑ වෙනවා සත්තයි.
"ශිෂ්‍යත්වයට මම සූදානම්"
ලංකාවේ No. 01 Online ශිෂ්‍යත්ව පන්තිය...
සිද්ධාන්ත පන්තිය
ශිෂ්‍යත්ව විභාගයට යෙදෙන ප්‍රශ්න පත්‍ර I, II පත්‍ර දෙක සඳහා වෙන වෙනම ලකුණු 100% ඉලක්ක කර ගත් පාඩමින් පාඩම දිගහරිමින් සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙන පන්තිය.
ප්‍රශ්න පත්‍ර පන්තිය
ශිෂ්‍යත්ව විභාග ඉලක්ක ආදර්ශ ප්‍රශ්න පත්‍ර දරුවාගේ දැනුමට ගැළපෙන පරිදි සකසා හරවත් පිළිතුරු සාකච්ඡාව.
විශේෂ සිංහල ව්‍යාකරණ පන්තිය
ප්‍රාථමික ශ්‍රේණි දරුවෙකු 3 / 4 / 5 ශ්‍රේණි තුළ දී උගත යුතු සියලු සිංහල ව්‍යාකරණ කොටස් හා සිංහල විෂය නිර්දේශිත සිංහල උපකාරක පද යටතේ,
- තේරවිලි,
- සමානාර්ථ පද / විරුද්ධාර්ථ පද,
- යුගල පද,
- ප්‍රස්තාව පිරුළු,
- ඉඟි වැකි,
- ආප්තෝපදේශ,
- නාම පද,
ආදිය හා ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යයෙන් මතක තබා ගත යුතු වචන සමඟ රචනාවක් නිවැරදි ව ලියන ආකාරය විස්තරාත්මක ව මාස 10 ක් තුළ දී සාකච්ඡා කෙරේ.
විශේෂ පරිසරය පන්තිය
- 3 / 4 / 5 ශ්‍රේණිවල සාකච්ඡා කෙරෙන පරිසරය මාතෘකා 16 ම පුංචි දරුවෙකුට මතක තබා ගැනීමට පහසු වන පරිදි සවිස්තරාත්මක සාකච්ඡාව.
- පාඩමින් පාඩම ප්‍රායෝගික කරණය සඳහා අදාළ වීඩියෝ භාවිතය මඟින් දරුවාට පාඩම සමීප කරවීම.
- සටහන් ලිවීම දරුවා විසින් සිදු කිරීම තුළින් ඉහළ මතක ශක්තිය වර්ධනය.
- සෑම පාඩමක් අවසානයේ දී පසුගිය ශිෂ්‍යත්ව සඳහා යෙදුණු ගැටලු සමඟ ඉලක්ක ගැටලු 50 ක් සඳහා පිළිතුරු ලිවීම.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ශිෂ්‍යත්ව පන්තිය...
“ශිෂ්‍යත්වයට මම සූදානම්”
02 ශ්රේණිය
ඔබේ දරුවාගේ අනාගත ශිෂ්‍යත්ව ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දමන ලංකාවේ අංක 01 ශිෂ්‍යත්ව පන්තිය දැන් ආරම්භ වේ!
- LIVE (සජීවී පන්තිය): සෙනසුරාදා - උදෑසන 9.00 සිට 10.30 දක්වා
- REPEAT (නැවත විකාශනය): ඉරිදා - සවස 4.00 සිට 5.30 දක්වා


ශිෂ්‍යත්වයට මම සූදානම්
අපේ පන්ති හා සම්බන්ධවන දරුවෙකු අනවශ්ය බියක් නැතිව විශ්වාසයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ පුංචි එයාට සිද්ධාන්ත පන්තිය තුළින් දින 2 ක දී ප්‍රශ්න පත්‍ර 2ක් සඳහා වෙන වෙන ම සූදානම් කිරීමක් සමඟ දැනට එයා ඉගෙන ගෙන ඇති පාඩම්වලින් පමණක් යෙදෙන ආදර්ශ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියන්න හුරුවන බැවින්,
ඒ වගේ ම අපේ පන්ති හා සම්බන්ධවන දරුවෙකු ඉහළ ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ලබන්නේ පුංචි එයාට අමාරු තැන් නැතිනම් වෙනත් ශ්රේණිවලදී මගහැරුණු තැන් ආවරණය කර ගැනීමට සූදානම් කර ඇති විශේෂ සිංහල ව්‍යාකරණ පාඨමාලාව මුල සිට සාකච්ඡාව වගේම පරිසරය පාඩම් 16 ම හරවත්ව සාකච්ඡා කරන විශේෂ පරිසරය පන්තිය නිසයි.
ඒ වගේ ම දරුවෙකුට හිතට දැනෙන්න උගන්වන ඉගැන්වීම් රටාව හා සරල බව අති විශේෂයි.
වසර ගණනාවක් ලංකාවේ වැඩි ම ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු පසු කල දරුවන් ප්රමාණයක් වාර්තා කල “ශිෂ්‍යත්වයට මම සූදානම්” අපේ පන්තිය තුළ තරගය තියෙන්නේ අපේ පන්තියේ ම වාර්තා අලුත් කිරීමට වීම විශේෂයි.
ලංකාවේ ප්රථමයාගේ සිට පිළිවෙළින් වැඩි ම ලකුණු ගත් දරුවන් විශාල ප්රමාණයක් රැඳී සිටීම ද සුවිශේෂය.
තවද සිත්ගන්නා සුලු නිබන්ධන හා සටහන් ලිවීමේ පිළිවෙළ ද ඉතා වැදගත්.
“ශිෂ්‍යත්වයට මම සූදානම්” අපේ ශිෂ්‍යත්ව පන්තිය ලංකාවේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය වන්න ඉහත කී සියලු දේ සමග දේශන සඳහා සහජ හැකියාව ල දැනුමෙන් පිරුණ දෙමාපිය විශ්වාසය දිනූ ආදරණීය ගුරුතුමිය ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු වීම ඉතා වැදගත්.
Queen's Education Institute
Hayeshika Fernando
No.01 Online
ශිෂ්‍යත්ව පන්තිය
- ශිෂ්‍යත්වයට මම සූදානම් -

- ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මියගේ සෘජු මඟපෙන්වීම.
- Live සහ Recordings පහසුකම.
- සෑම පාඩමකටම අදාළ Recording ලබාදීම.
273,496+
Students
15
years of experience
5+
Courses
3
Institutes









